
ආණමඩුව දිවුල්වැව ප‍්‍රදේශයේ නිවසක සිටියදී අතුරුදන්වූ අවුරුදු 4ක් වයසැති පිරිමි දරුවකුගේ අත් පා ගැට ගසා පොහොර උරයක බහා පොල් වත්තක දමා ගොස් සිටියදී 6 වනදා සවස සොයා ගන්නා ලදැයි ආණමඩුව පොලිසිය පවසයි. දරුවා කම්පන තත්වයක පසුවන බව පෙනී ගිය නිසා මුලින්ම ආණමඩුව රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
දරුවා හඬමින් සිටියදී සොයාගත් ස්ථානය අසල තිබී පොහොර උරයක් ද අත් පා ගැට ගැසීමට යොදාගත් බවට සැලකෙන ලණු කැබැල්ලක්ද පොලිසියට හමුවී ඇත. දරුවා අතුරුදන්ව ඇති බව දැනගත් මව ඒ බව අසල්වාසීන්ට දන්වා ඔවුන්ගේ ද සහාය ඇතිව දරුවා සොයාගෙන තිබේ. දරුවා සොයාගන්නා විට හඬමින් සිට ඇති අතර මේ බව පොලිසියට පැමිණිලි කර ඇත. දරුවා දැනට පසුවන තත්ත්වය පහව ගිය පසුව ඔහුට සිදුවූයේ කුමක්දැයි යන්න ගැන දැනගැනීමට ප්‍රකාශයක් ලබා ගන්නා බව පොලිසිය කියයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval