
සති දෙකක් ඇතුළත දෙවන වරට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අතුරුදන්ව ඇති බව ඊයේ වාර්තා විය.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි පුලස්ති ප්‍රමුදිත් පෙරේරා නමැති සිසුවෙකි.
කඩවත, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවූ ඔහු විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට ඇති අතර භාෂා තුනකින්ම ලිපි ලියා ඊයේ රාත්‍රි කාලයේදී ඔහු නේවාසිකාගාරයෙන් පිටතට පැමිණ ඇති බවට අනාවරණ වී තිබේ.
සිසුවා අතුරුදන්ව ඇති බවට විශ්වවිද්‍යාලය මගින් ඊයේ (03) පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.
ඔහු ලියා ඇති ලිපියේ සඳහන් වන්නේ තමන් ප්‍රශ්න රැසකින් පීඩාවට පත්ව සිටින බවත් විසඳුම් ලබාදීමට කිසිවෙකුගේ සහයක් නැති බවත්ය. මේ ප්‍රශ්න මැද දිගටම විශ්ව විද්‍යාලයේ වැඩ වැටීම පීඩාවක් බව පෙන්වා දෙන ඔහු ප්‍රශ්න වලින් ඈත්විමට තීරණය කළා මේක මෝඩ වැඩක් කියල සමහරු කියාවි... යයිද සටහන් කර ඇත.
සිසුවා සෙවීමට පොලිස් පරීක්ෂණ අරඹා තිබේ.
එම විශ්වවිද්‍යාලයේ ම ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ සිසුවෙකු මීට සති දෙකකට පමණ ඉහතදී මානසික ආතතිය බැව් පවසමින් සිය දිවි හානි කර ගෙන තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval