
ත්‍රිකුණාමලය සංඝමිත්තා විශ්‍රාම ශාලා පොලිස් මුරපොළ භාරයේ තිබූ ක්‍රිස්තු වර්ෂ එකොළොස්වන හා දොළොස්වන සියවස්වලට අයත් බව සැලකෙන දෙමළ සෙල් ලිපියක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තූව කියයි. සංඝමිත්තා විශ්‍රාම ශාලාව ඉදිරිපිට ක්‍රීඩා පිටියේ ඉදිකිරීමක් සිදු කිරිමට යෑමේදි 2017 වර්ෂයේදී පමණ හමු වූ මෙම දෙමළ සෙල්ලිපිය
එකල සිටි පුරාවිද්‍යා නිලධාරින් තාවකාලිකව පොලිස් මුරපොළට භාරදී තිබියදී ඉකුත් සතියක කාලයක් තුළදී එය අතුරුදන් වී තිබේ.
පොලිස් මුරපොළ එළිමහන් තිබූ මෙම සෙල්ලිපිය සම්බන්ධයෙන් ඒන්.ඒ. විමලසේන කතුවරයා විසින් රචිත "සෙල්ලිපි වලින් හෙළිවන ශ්‍රී ලංකාවේ සමාජීය ඉතිහාසය" නමැති ග්‍රන්ථයේද සදහන් කර තිබූ අතර එහි දෙමළ වචන පිටපත් කර සිංහල අර්ථ කථනයක්ද දක්වා තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂිකා ඩබ්.එම්.එන්.නිරාෂා ප්‍රියදර්ශනී වීරකෝන් මහත්මිය පැවසුවේ එම සෙල්ලිපිය තම දෙපාර්තමේන්තුව භාරයක් තිබූ එකක් නොවන බවයි. කෙසේ වෙතත් වාර්තාවක් කැදවා පරික්ෂණයක් පැවැත්වීමට නිලධාරියකු අදාළ ස්ථානයට යොමුකාර ඇති බවද ඒ මහත්මිය වැඩිදුරටත් පවසා සිටියාය.
(චමෝද්‍යා අමරජීව )
Comments
Post a Comment
Your comment will be visible after approval