
තායිවානයේ ගිනිකොන දෙස අද ප්‍රබල භූමිකම්පාවක් ඇති විය.එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් මෙම භූමිකම්පාව රික්ටර් මාපකයේ 7.2 ක ප්‍රබලත්වයෙන් සහ කිලෝමීටර් 10 ක් ගැඹුරින් මනිනු ලැබ තිබේ.
කම්පන හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් විරාම තබමින් වරින්වර ඇතිවූ බව වාර්තා කර තිබේ.
ප්‍රාදේශීය මාධ්‍ය පැවසුවේ, නැඟෙනහිර වෙරළ තීරයේ දුම්රිය ස්ථානයකදී අවම වශයෙන් එක් දුම්රිය මැදිරියක් පීලි පැන ඇති අතර, ගබඩාවක් සහිත පහත් ගොඩනැඟිල්ලක් කඩා වැටී ඇති බවයි.
ජීවිත හානි සිදුවී ඇත්ද යන්න තවම පැහැදිලි නැත.
තායිවානයේ වෙරළ තීරයේ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300ක් ඇතුළත අනතුරුදායක සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
භූමිකම්පාවෙන් පසු ඔකිනාවා ප්‍රාන්තයේ කොටසකට මීටරයක සුනාමි රළ ඇති විය හැකි බවට ජපානයේ කාලගුණ ඒජන්සියද අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
කඩා වැටුණු ගොඩනැගිල්ලකින් මවක සහ දියණියක බේරාගන්නට හැකිවූ බව නිලධාරීන් වාර්තා කර තිබේ.
සංචාරකයින් 400 කට වැඩි පිරිසක් මේ දිනවල සැරිසරන චිකේෂාන් සහ සික්ස්ටි ස්ටෝන් කඳුකරයේ ගල් පෙරලීම් හේතුවෙන් මාර්ග අවහිර වී සිරවී සිටින බව වාර්තා වේ. බලධාරීන් මේ වන විට මාර්ගය පිරිසිදු කිරීමට කටයුතු කරමින් සිටී.
Gaoloai නමැති පාලමක් කඩා වැටී තිදෙනෙකු එයින් වැටී ඇත. ඔවුන් බේරාගෙන රෝහලට යවා ඇති අතර ඔවුන් සිහියෙන් පසුවන බවයි වාර්තා වෙයි.

Comments
Post a Comment
Your comment will be visible after approval