sri-lanka-india-super4-match

අද දින ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලියේ සුපිරි 4 වටයේ තරගයකින් ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව ජයගත්තේය.
මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව 173 ක් ලබාගත් අතර රෝහිත් ෂර්මා ලබාගත් ලකුණු 72 ඊට බෙහෙවින් ඉවහල් විය.
ශ්‍රී ලංකාවේ ඩිල්ෂාන් මධුෂංක ලකුණු 24 ට කඩුලු 3 ක් ගෙන දස්කම් දැක්වීය.


දෙවැනි වර පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් විශිෂ්ට සාර්ථකත්වයක් පෙන්නුම් කළ අතර ලකුනු 97 ක වාර්තාගත සම්බන්ධතාවක් පවත්වන්නට පැතුම් නිශ්ශංක (52) හා කුසල් මෙන්ඩිස් (57)සමත් විය.
එක ළඟ කඩුළු කිහිපයක් වැටී ශ්‍රී ලංකාව කිසියම් පීඩනයකට ලක්වුවද පසුව දසුන් ශානක පැමිණ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළේය. නොදැවී ඔහු 33 ක් ලබාගත් අතර භානුක රාජපක්ෂ නොදැවී 23 ක් ගෙන ඔහුට සහය දැක්වීය.
අද ජයග්‍රහණය සමග ශ්‍රී ලංකාව සුපිරි 4 වටයේ දෙවැනි ජයග්‍රහණය ලද අතර අවසන් තරගයට යාමට ඉදිරි පියවර තබා ඇත. ඉන්දියාව දෙවන පරාජය ලබා අවසන් තරගය අහිමිව යාමේ අවදානමට ලක්විය.