
2021 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනු අබ්දුල් රසාක් ගුර්නාගේ 'Afterlives' නවකතාව රෝහණ වෙත්තසිංහ විසින් මතු ජීවිත' නමින් සිංහලට නගන ලදුව ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළිදැක් වේ.
'මතු ජීවිත' තුළින් කියැවෙන්නේ 20 වැනි සියවස ආරම්භයේ නැගෙනහිර අප්‍රිකාවේ ටැන්සානියාව පසුබිම් කරගත් වෘත්තාන්තයකි. යුදබිය මැද නොදියුණු සමාජ වටපිටාවක ජීවත්වෙන මිනිස් ජීවිත කීපයක පෙරළිය මීට වස්තු විෂය වී ඇත. මොවුන් ජීවිතය, ආදරය, බැඳීම් හඳුනා ගන්නේ අන් බොහෝ දෙනකු නොලද වරප්‍රසාදයක් වූ අකුරු ශාස්ත්‍රය උගෙනීමේ මහිමයෙනි. අක්මුල් සිඳුණු තරුණ ජීවිතවලට යුද්ධයේ බලපෑම කොතරම් වීද යත්න ද මෙමඟින් පෙන්වා දෙයි.
බ්‍රිතාන්‍ය - අප්‍රිකානු ලේඛක ගුර්නා කෙන්ට් සරසවියේ ඉංග්‍රීසි මහාචාර්යවරයෙකි. ඔහු විසින් ලියන ලද දසවැනි නවකතාව වන 'Afterlives' 2020 දී එළි දැක්විණි.
රෝහණගේ සයවැනි පරිවර්තනය වූ මතු ජීවිත’ නුගේගොඩ සරසවි ප්‍රකාශනයකි.

Comments
Post a Comment
Your comment will be visible after approval