ranil-power-anura-kumara

අකුරැස්සේදී පැවති පක්ෂ සමුළුවකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙසේ කීය.

‘‘කට්ටිය හිතනවා අරගලය නිකං මදි වගේ කියලා. අපේක්ෂාභංගත්වයක් ජනතාව ළඟ තියෙනවා. අවසානයේ උපරිම ජයග්‍රහණය ලබාගන්න ජනතාව අසමත් වුණා​. හැබැයි දෙවැනි නැගිටීම සිදුවෙන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීම මත බව මතක තියාගන්න. පාරවල් දෙකක් තියෙනවා. එක පාරට බැහැලා උද්ඝෝෂණ හරහා පලවා හැරලා බලයට එන්න. ඒක ටිකක් සංකීර්ණයි. දෙක පාරට බැහැල උද්ඝෝෂණ හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දයෙන් බලය ගන්න එක. දෙවැනි පාර අපි තෝරාගත්තා.



මෙයට පෙර වෙනත් පක්ෂවලට වැඩ කරපු, විශාල පිරිසක් අද ජාතික ජන බලවේගය සමග ඒකරාශීවෙලා ඉන්නවා. එම පිරිස් රට වෙනස් කරන මාවත තෝරාගෙන තියෙනවා. අද කිසිදු පක්ෂයකට මේ තරම් සංවිධානාත්මකව ජනතාව කැඳවන්න බැහැ. ජනතා නැගිටීම් හමුවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට රැස්වීමකට, මළගෙදරකට එන්න බැහැ. මීට පෙර ජනතාවට ඒගොල්ල ළඟට යන්න බැහැ. දැන් ඒගොල්ලන්ට ජනතාව ළඟට එන්න බැහැ. බලය තියෙන්නේ ජනතාව ළඟයි.

දරුවන් පාසලේ කලන්තේ දානවා. රෝගියාට බෙහෙත් නැහැ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ 06 කට රැකියා අහිමි වෙලා. විශාල ඛේදවාචකයක් තියෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරු 17 යි. රනිල්ගේ වාහනයේ අලාභය මිලියන 191 යි. දරුවන්ට කැඳ වේලක් නැහැ. රාජ්‍ය සේවක පඩි සිකුරාදා ගෙවන්න බැරි වුණා. භාණ්ඩාගාරයට සල්ලි නැහැ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පඩි ගෙව්වේ විශ්වවිද්‍යාල අරමුදලෙන්.

පාලකයන් ආර්ථික අවස්ථා හදලා නැහැ. යුරෝපා මාර්කට් එක අපට අල්ලන්න බැහැ. අප්‍රිකානු වෙළෙඳපොළක් තියෙනවා.

පැවතුන සහ පවතින රජයන්ට සැලසුමක් නැහැ. කර්මාන්ත පද්ධතිය හදන්න ඕනෑ. 2030 වෙනකොට කවුද හදන්න ඕනෑ ශ්‍රමිකයන් කියලා බලන්න ඕනෑ. ඉන්දියාව 60 දශකයේ අග භාගයේ ඉඳල තොරතුරු තාක්ෂණය පැත්තට තරුණයන් යොමු කළා. අද විදේශ බැංකුවල සහ ලෝකයේ ඉහළ කළමනාකරණයේ ඉන්නේ ඉන්දියානුවන්. ඉන්දියාව තොරතුරු තාක්ෂණයෙන් ඩොලර් මිලියන 133 ක් උපයන කොට අපේ සමස්ත ආර්ථිකයම ඩොලර් මිලියන 80යි. අඅපේ ආණ්ඩුවක් ඇතුළේ ව්‍යවසායකයන්ට කර්මාන්ත කරුවන්ට, ව්‍යාපාරිකයන්ට දොර ඇරෙනවා. උඩට යන්න හදල දෙනවා. ඩීල්කාරයන්ට ඉඩක් නැහැ.’’