
මූල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ල වූ කොළඹ රාමනාදන් හින්දු බාලිකාවේ විදුහල්පතිනී එන්. නගුලරාජා සේවයෙන් පහ කර ඇත.එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව කළ පරීක්ෂණයකින් පසු මෙම පියවර ගෙන තිබේ.
පාසල් සංවර්ධන සාමාජිකයන්ගේ මුදල් පෞද්ගලික ගිණුම්වලට බැර කර ගැනීම, පාසල් සංවර්ධන සමිති මුදල් අයථා ලෙස පරිහරණය කිරීම, පාසලේ පන්ති කාමර තුනක් වායු සමනය කර නිල නිවාසය ලෙස පාවිච්චි කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් එම පරීක්ෂණය පවත්වා තිබෙන අතර එම සියලු චෝදනාවන්ට විදුහල්පතිනිය වැරදිකරු බවට කමිටුව තීරණය කර ඇත. මෙම චෝදනාවන්ට අදාළ පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු මීට මාස කිහිපයකට පෙර සිට ඇය අමාත්‍යාංශයට අනියුක්ත කර තිබිණි.
(නිලන්ත මදුරාවල)
Comments
Post a Comment
Your comment will be visible after approval