
කොළඹ හත මලලසේකර මාවතේ පිහිටි පොලිස් සංස්කෘතික කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන කාන්තා නිලධාරිනියන් නවාතැන් ගෙන සිටින බව නිවසේ ඇති නාන කාමරය වහලයට සවිකර තිබූ තහඩුවක් ඉවත්කර නිලධාරිනීයන් කිහිප දෙනකු නාන හැටි බැලු බව කියන ප්‍රභූ ආරක්ෂක අංශයක රාජකාරි කරන බීමත් තෙලිස් සැරයන්වරයකු පෙරේදා (11) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගන්නා ලදායි කුරුඳුවත්ත පොලිසිය පවසයි.මෙම සැරයන්වරයා ප්‍රබල ඇමැතිවරයකුගේ ආරක්ෂාවට යොදවා සිටින අයකු යැයිද කොළඹ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
කාන්තා භට නිවස සමීපයේ ඇති තාප්පයට ගොඩවී ඔහු නාන කාමරයේ වහලයට නැග ඇතැයි පොලිසිය කියයි. සැකකරු දුටු පොලිස් නිලධාරිනියන් කිහිපදෙනකු මේ බව පොලිස් නිලධාරින්ට පැවැසීමෙන් අනතුරුව එම පොලිස් නිලධාරීන් ඔහු අල්ලා ගැනීමට යාමේ දී පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. පොලිස් කණ්ඩායම ලුහුබැඳ ගොස් ටොරින්ටන් මාවතේ දී ඔහු අල්ලාගෙන කුරුඳුවත්ත පොලිසියට භාරදී ඇත. සැකකරු පොලිස් සැරයන්වරයකු බව හෙළිවී ඇත්තේ ඔහු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම්වලදී යැයි එම උසස් පොලිස් නිලධාරියා කීවේය. පොලිසිය පවසන ආකාරයට සැකකරු බීමතින් සිට ඇත.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය-
Comments
Post a Comment
Your comment will be visible after approval