
වෑන් රථයක් අද අලුයම අනතුරකට ලක්වීමෙන් එක් කාන්තාවක මිය ගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි කැප්පෙටිපොල පොලිසිය පවසයි.
අනතුරින් වෑන් රථයේ ගමන් ගත් හත් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර ඇත. ඉන් බරපතල තත්වයේ පසුවු එක් කාන්තාවක් මිය ගොස් තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65 ක කාන්තාවකි.මෙම අනතුරට මුහුණ පා ඇත්තේ කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ පිරිසකි. වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.අනතුරට හේතුව වෑන් රථයේ රියැදුරුට නින්ද යාම බව පොලිසිය සැක කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval