
14 හැවිරිදි සිසුවෙකු පැදවූ මෝටර් රථයක් කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් නිවාස සංකීරිය තුළදී 73 හැවිරිදි උපකාරක පන්ති ඉංග්‍රීසි ගුරුවරයකු ගමන්ගත් යතුරුපැදියක ගැටීමෙන් එම ගුරුවරයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ බව කහතුඩුව පොලීසිය පවසයි.
පලාගොස් සිටි සිසුවා පැය දෙකකට පමණ පසුව නීතිඥවරයෙකු මගින් භාර වීමෙන් අනතුරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. සිසුවා සිය පියාට අයත් මෝටර් රථයේ මිතුරකු නංවාගන අතුරු මාර්ගයක සිට පැමිණීමේදී ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් ගුරුවරයා පැදවූ යතුරුපැදියේ ගැටී තිබූ බව පොලීසිය කියයි බරපතළ තුවාල ලද ගුරුවරයා වෑතරරෝහලේ දී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. 14 හැවිරිදි සිසුවාට මෝටර් රථය පරිහරණය කිරීමට ඉඩ සලසූ එහි ලියාපදිංචි අයිතිකරු වන පියාටද නීති මගින් කටයුතු කරන බවද පොලීසිය කියයි.
( බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් )
Comments
Post a Comment
Your comment will be visible after approval