
ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වූයේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වැන්නැයි කියමින් ජූලි 9 වැනි දා පැවැති විරෝධය අතර තුර කොටුව ජනාධිපති ලේකම්කාර්යාලයට බලහත් කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව සම්බන්ධයෙන් දමිතා අබේරත්න ඊයේ (7) සවස අත්අඩංගුවට ගෙන තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval