
අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වූ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය අද (07) සන්ධ්‍යා කාලයේ අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර පොලිස් අපරාධ කොට්ඨාශය කියයි.
පසුගිය ජුලි මාසයේදී ජනාධිපති කාර්යාලයට බලාහත්කාරයෙන් ඇතුළුවීම චෝදනාවයි. බත්තරමුල්ල පොල්දූව හංදියේ අද දින සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයක් අතරතුර ඇයව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.
කළු හෝරාව නමින් අරගලයට සම්බන්ධවූ සියලු ක්‍රියාකාරීන් එක්ව දියත උයන පරිශ්‍රයේ අද සාමකාමී විරෝධතාවයක් පැවැත්වූ අතර එම අවස්ථාවේ එතැනට කඩා වැදුණ පොලිස් කන්ඩායමක් දමිතා මෙලෙස අල්ලාගෙන යනු ලැබිණි.
රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ පවතින මර්දනයට විරෝධය පළ කිරීමට මෙම ‘කළු හෝරාව‘ විරෝධය සංවිධානය කර තිබුණි.
හදිසි නීතිය ඉවත් කර ඇති නිසා කණ්ඩායම විසිරවීම සදහා වෙනත් මර්දන කාරී ක්‍රියාමාර්ග වෙත යාමට පොලිසිය අපොහොසත්වූ බවද පැවසිණි.
මීට ඉහත මැයි 25 වනදා අධිකරණ භූමියේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව දක්වා අගොස්තු මුල් සතියේදීද දමිතා රැට්ටා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර අධිකරණයේදී ඇප නියමවී තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval