
2022 අතුරු අයවැය සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. දෙවන වර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී අතුරු අයවැයට පක්ෂව ඡන්ද 120 ක් හා විපක්ෂව ඡන්ද 5 ක් පමණක් ලැබුණි. ඒ අනුව වැඩි ඡන්ද 115 කින් සම්මත වූ අතර,
එහිදී ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 43 කි.
සමගි ජනබලවේගය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු විපක්ෂයේ අසුන් ගත් කණ්ඩායම මෙන්ම, විමල් වීරවංශ ඇතුළු ස්වාධීන පක්ෂ නවයේ කණ්ඩායම, ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියහ. දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙන්ම, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ද ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ රැදී සිටියේ නැත.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නායකත්වය දරණ දෙමළ ජාතික ජනතා පෙරමුණේ දෙදෙනා අතුරු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළ 5 දෙනාට ඇතුළත්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval