british-airline-passenger-faces-charges-greece

ලන්ඩනයේ සිට සයිප්‍රසය බලා පියාසර කළ  බ්‍රිටිෂ් එයාර් වේස් ගුවන් යානයක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ නොහික්මුණ හැසිරීම් නිසා හරවා යැවූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.



සයිප්‍රසයේ පැෆොස් වෙත පියාසර කරන ලද ඊසිජෙට් ගුවන් යානය සිකුරාදා අගභාගයේදී ග්‍රීසියේ තෙසලෝනිකි වෙත හරවා යවන ලද්දේ මගියා නොහික්මුණු හැසිරීමක් ප්‍රදර්ශනය කර සෙසු මගීන් සහ කාර්ය මණ්ඩලය සමඟ සටන් කිරීම හේතුවෙනි. ඔහුගේ අසුනේ තිබී හිස් මත්පැන් බෝතල් කිහිපයක් සොයාගත් බව චෝදනා පත්‍රයේ සඳහන් වේ.



මෙම සිදුවීම නිසා මගීන් අපහසුතාවයට ලක්වූ අතර ඉන් පසු ඔහුට එරෙහිව ග්‍රීසියේදී වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇතැයි වාර්තාවේ.

අපරාධ උත්සාහය මගී ප්‍රවාහනයට බාදා කිරීම සහ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව අනතුරේ හෙළීම මොහුට එලග්ලවූ චෝදනායි. 22 හැවිරිදි පුද්ගලයා සෙනසුරාදා (3) අත්අඩංගුවට පත්විය.

මෙම පුද්ගලයා සඳුදා දින නඩු විභාගය සඳහා මහේස්ත්‍රාත්වරයෙකු හමුවට පැමිණෙන තෙක් රඳවා තබා ඇති අතර, එහිදී ඔහුට චෝදනාවලට පිළිතුරු දීමට සිදුවනු ඇත.
(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)