
ඊයේ සැප්තැම්බර් 03 වන දින ටවුන්ස්විල්හිදී පැවති ඕස්ට්‍රෙලියාවට එරෙහි තරගයේදී සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු තුනක ජයග්‍රහණයක් ලබාගත් අතර එය ඕස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ඕනෑම ආකෘතියකින් ඔවුන්ගේ පළමු ජයග්‍රහණය විය. මෙම ජයග්‍රහණයට පෙර සිම්බාබ්වේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී එක්දින තරග 12ක් සහ ටෙස්ට් තරග 2ක් පරාජයට පත්ව තිබූ අතර තවත් එක්දින තරගයක් සෝදා හැරීමකින් අවසන් විය.
ඔස්ට්‍රේලියාවේ ලකුණු 141 , සිම්බාබ්වේට එරෙහිව එක්දින තරගයකදී ඔවුන් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව විය. 2014 වසරේ හරාරේ හිදී පැවැති තුන්කොන් තරගාවලියේදී කඩුලු 9ක් දැවී ලකුණු 209ක් ලබා ගැනීම ඔවුන්ගේ පෙර අඩුම අගයයි. එය 2013 දී ශ්‍රී ලංකාවට එරෙහිව සියලු දෙනා දැවී ලකුණු 74 ට පසුව, පසුගිය වසර 20 තුළ ඕස්ට්‍රේලියාවේ මව්බිමේදී ලබාගත් දෙවන අඩුම එක්දින ලකුණු සංඛ්‍යාව ද වේ.
2003 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවේ චමින්ද වාස් බංග්ලාදේශයට එරෙහිව පන්දු 16කදී කඩුලු 5ක් දවාගෙන තිබුණ වාර්තාවට ආසන්න වෙමින් පන්දු 18 කදී රයන් බර්ල් කඩුලු පහ සම්පූර්ණ කර වාර්තාවක්ද තැබීය.එය එක්දින තරගවලදී කඩුලු 5ක් සඳහා ලබාගත් දෙවැනි අඩුම පන්දු යැවීමයි.
ඕස්ට්‍රේලියාවේ මුළු ලකුණු 141 කින් 66.66 ක ප්‍රතිශතයක් උරුමවූයේ ඩේවිඩ් වෝනර් (94) ටය, පිරිමි එක්දින ජාත්‍යන්තර ඉනිමකදී ක්‍රීඩකයෙකු විසින් සම්පූර්ණ කරන ලද දෙවන ඉහළම දායකත්වය වේ. වෝනර්ට වඩා ඉදිරියෙන් සිටින්නේ විව් රිචඩ්ස් පමණි: 1984 දී එංගලන්තයට එරෙහිව රිචඩ්ස් ලබාගත් ලකුණු 189 බටහිර ඉන්දීය කොදෙව් පිලේ ලකුණු 272 න් 69.48% කි.
මිචෙල් ස්ටාක්ට එක්දින කඩුලු 200 සම්පූර්ණ කිරීමට මෙම තරගයේදී හැකි විය. එක්දින තරග 102ක් තුඝ එය කඩිනමින් කඩඉමක් සම්පූර්ණ කිරීමක් වූ අතර සක්ලෙයින් මුෂ්ටාක්ගේ තරග 104ක වාර්තාව බිඳ දැමීමකි.
ඒ අනුව මිචෙල් ස්ටාක් පන්දු යැවීමෙන්වේගවත්ම එක්දින කඩුලු 200 දවාගත් ක්‍රීඩකයා බවටද පත් විය.



Comments
Post a Comment
Your comment will be visible after approval