anura-kumara-speaks

මර්දනකාරී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා නතර කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහට බල කර සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.





ම්ලේච්ඡ අයුරින් ජනතා නැගිටීම් මර්දනය කරනට උත්සාහ කරන්නේ නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නැවත කොළඹ වටලන දින වැඩි ඈතක නොවන බවත්, එදිනට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සැඟවීමට තැනක් සොයාජගැනීමට සිදුවනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

පීඩාවට පත්ව ඇති ජනතාවට, තම ගැටලු වෙනුවෙන් විරෝධය දක්වන්නට නොහැකි මන්දැයි ඔහු රජයෙන් ප්‍රශ්න කරයි.

ඊයේ (24) සමාජවාදී තරුණ සංගමයේ පෙළපාලියට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව අත්අඩංගුවට ගත් පිරිස් බැලීම සඳහා මරදාන පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේ දී ඔහු මේ බව සඳහන් කළේය.