Why-did-Ranil-name-Colombo-High-Security-Zones

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිකුරාදා පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින්, ඒ අසල පරිශ්‍රවල කිසිදු ආකාරයක විරෝධතා හෝ උද්ඝෝෂණ තහනම් කළේය.

​එවැනි ප්‍රධාන ස්ථාන මීට පෙර යුද සමයේ සිදු වූ සීමා කිරීම් නිසා කිසිවෙකුට ළඟාවීමට අපහසු කර තිබූ අතර නැවත සක්‍රීය කළ මෙම පියවර නිසා රජයේ ප්‍රධාන ගොඩනැගිලි පරිශ්‍රයට ආසන්න කිසිදු ප්‍රදේශයක ළඟාවීමට හෝ මෝටර් රථ ගාල් කිරීම පවා වළක්වයි. විශේෂත්වය වන්නේ මෙවර යුද අවශ්‍යතාවක් නොමැතිවිමයි.



ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා රාජපක්ෂ පවුලට එරෙහිව දිවයින පුරා සිවිල් ජනතාව උද්ඝෝෂණ කළ බැවින් අප්‍රේල් මුල සිට ජූලි මැද දක්වා කාලය තුළ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය යුතු යැයි බලකෙරෙන විශාල මහජන උද්ඝෝෂණ සඳහා නම් කරන ලද සමහර ස්ථාන සැලකිය යුතු ලෙස බලපෑම් කාරී විය.
සිකුරාදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපති ලේකම් කාර්යාලය පහත ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

"පාර්ලිමේන්තුව අවට ප්‍රදේශ, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, කොළඹ මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය සහ නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානය සහ පොලිස් මූලස්ථානය , ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ ආඥාපතිවරුන්ගේ නිල නිවාස."
එම නිවේදනයට අනුව, අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශවල විරෝධතා සහ මහජන රැස්වීම් තහනම් කර ඇති අතර, නම් කර ඇති කිසිදු ස්ථානයක් ආසන්නයේ වාහන නැවැත්වීමට ඉඩ නොදේ.



මෙම පියවර 2009 ට පෙර එල්ටීටීඊයේ බෙදුම්වාදී ව්‍යාපාරයේ කාලය වෙත ආපසු යාමක් වූ අතර බෙදුම්වාදී කණ්ඩායම ඔවුන්ගේ ව්‍යාපාරයේ කොටසක් ලෙස ප්‍රධාන ස්ථානවලදී මරාගෙන මැරෙන පිපිරීම් මාලාවක් සිදු කළේය.

මෙම ප්‍රධාන ප්‍රදේශවලට නීතිවිරෝධී ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් රජයට එරෙහි විරෝධතාකරුවන් දැන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සමහරක් රඳවා තබා ගැනීම සඳහා රජය විසින් මතභේදාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම ජාත්‍යන්තර අයිතිවාසිකම් කණ්ඩායම්වල විවේචනයට ලක්ව ඇත.

මීට අමතරව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සඳහන් කළේ ඉදිරියේදී විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය නියාමනය සඳහා වෙනම වැඩසටහනක් පිහිටුවන බවයි. මෙය සදහා අවශ්‍ය නීති ප්‍රතිපාදන සැකසීමට අමාත්‍ය විජේදාස රාජපක්ෂට කැබිනට් රැස්වීමේදී වහා නියෝග කළ බවත් ප්‍රකාශකවරයා පැවසීය.

ලබන මාර්තු මාසයට පෙර ප්‍රාදේශීය මැතිවරණයක් පවත්වන්නට ශ්‍රී ලංකා රජය සූදානම් වන අතර දේශපාලන ආරංචි මගින් පැවසෙන්නේ මහජන විරෝධතා වර්ධනයක් සිදුවූවොත් පාලක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ ඡන්ද පදනම තවදුරටත් අවම වනු ඇති බවයි. ඒ හේතුවෙන් මහජන විරෝධතා පිළිබඳ සියලු සංඥා ඉවත් කිරීම මෙම පියවරයන්හි අරමුණ බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.