
යාපනය වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ තුනෙයිවි ප්‍රදේශයේ හින්දු කෝවිලක් ආසන්නයේ සඟවා තිබූ තියුණු ආයුධ රැසක් තරුණයකු සමඟ 13දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වඩුක්කොඩ්ඩෙයි පොලිසිය පැවැසීය.
යාපනය පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව තුනෙයිවි ප්‍රදේශයේ හින්දු කෝවිල ආසන්නයේ විශේෂ සෝදිසි වැටලීමක් කොට ඇත. එහිදී සඟවා තිබූ තියුණු ආයුධ තොගය සොයාගත් අතර ආයුධ සැඟවූ බවට සැකකෙරෙන තරුණයෙක්ද අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් තියුණු ආයුධ අතර විවිධ හැඩයෙන් යුක්ත කඩු 11ක් හමුවී ඇත. කඩු කිසියම් අපරාධ කල්ලියක් භාවිත කර ඇත්දැයි යන්න පිළිබඳවද එසේත් නැතිනම් කඩු යාපනයේ ක්‍රියාත්මක ආවා ඇතුළු කල්ලි වෙතට කුලියට ලබාදී ඇත්දැයි යන්න සෙවීම සඳහා පොලිසිය පරීක්‍ෂණයක් අරඹා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගේ ඥාතීන් පොලිසියට පවසා ඇත්තේ කඩු ළඟ තබා ඇත්තේ කෝවිලේ පැවැත්වෙන විවිධ දේව පූජා පැවැත්වීමේදී යොදා ගැනීමට බවයි.
සැකකරු සහ තියුණු ආයුධ තොගය වඩුක්කොඩ්ඩෙයි පොලිසියට භාරදීමට පොලිස් විශේෂ කාර්ය බළකාය පියවර ගෙන තිබූ අතර වඩුක්කොඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval