
අද (20)රාත්‍රි 11.00 සිට හෙට පෙරවරු 9.00 දක්වා පැය 10 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
කොළඹ 04 ප්‍රදේශවලට එම කාල සිමාවේදි අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබා දෙන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය සඳහන් කළේ ය.
අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කාර්යයක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවි තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval