
මෝදර රෙඩ්බානාවත්තේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන පූකුඩිකන්නාගේ කල්ලියේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ග බළකාය කියයි.
පූකුඩිකන්නා නමැත්තාගේ මෙහෙයවීම මත මෙම පිරිස ඉකුත් ජුනි මස 06 වැනිදා ත්‍රිරෝද රථයකින් හා යතුරුපැදියකින් ගොස් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇතැ විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් තිදෙනා ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 13, යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද විශේෂ කාර්ය බළකාය පවසයි.
කිඹුලාඇළ ප්‍රදේශයේ දී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු අනුව සෙසු සැකකරුවන් දෙදෙනා කොටහේන හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශ වලින් අත්අඩංගුවට ගෙන ඇතැයි විශේෂ කාර්ය බළකාය කියයි. ඔවුන් මෙම ඝාතනය සඳහා භාවිත කළ ත්‍රිරෝද රථය හා යතුරු පැදිය ද විශේෂ කාර්ය බළකාය මගින් සොයාගෙන ඇත. සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා මෝදර පොලිසියට බාර දී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval