tissamaharamaya-baby-death

දින 15ක් වයසැති බිළිදෙකු දෙබරවැව රෝහල් වෛද්‍යවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන් මිය ගිය බවට දරුවාගේ පියා විසින් පෙරේදා (10) පැමිණිල්ලක් සිදුකර තිබෙන බව තිස්සමහාරාම පොලීසිය පවසයි. මියගිය දරුවාගේ පියා තිස්සමහාරාම  පදිංචි එල්. වයි. චාමර මහතා විසින් පෙරේදා (10දා) තිස්සමහාරාම පොලීසියට පැමිණිල්ල සිදුකර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ දින 15ක් වයසති පිරිමි දරුවෙකුය.

"21 වනදා උපන් දරුවා හොදට නීරෝගිව හිටියා. දරුවගේ අතේ පුංචි බිබිලි  කිහිපයක්   ඇවිත් තිබුණා. පසුව මමයි නෝනයි දෙන්නත් එක්ක දරුවා පසුගිය 07 වැනිදා දෙබරවැව පුද්ගලික වෛදයවරයකු හමුවට එක්කගෙන ගියා. එහිදී එම වෛද්‍යවරයා අපට කිව්වා දරුවා පොඩි වැඩි නිසා බෙහෙත් දෙන්න බෑ. රෝහලට අරන් ගිහින් සමේ රෝග වෛදයවරයෙකුට පෙන්වන්න කිව්වා. ඒ නිසා අපි 07 වැනිදා දෙබරවැව රෝහලට දරුවා ඇතුළත් කළා. එහිදී දරුවා පරික්ෂා කරපු වෛද්‍යවරයා කිව්වි දරුවගේ ලේ එකක් බලන්න ඕන කියලා. ඒක රෝහලන් කරන්න බෑ. පිටින් ගිහින් කරගෙන එන්න කියලා ලේ  එකක් අරගෙන දුන්නා. මම එකත් අරගෙන ඒක පරික්ෂා කරන්න දෙන්න ගිය වෙලාවේ නර්ස් කෙනෙක් ඇවිත් දරුවට බෙහෙත් තුනක් විදලා තියනවා.

ඒ බෙහෙත විද්දා විතරයි දරුවා නිල් පාට වෙලා දරුවට අමාරු වෙලා දරුවා මියගියා. දරුවා රෝහලට රැගෙන ගියාට එහි සිටි වෛද්‍යවරු කිසිදු සැලකිල්ලක් දැක්වූවේ නෑ. දරුව මිය ගියේ දෙබරවැව රෝහල් රාජකාරියේ සිටි වෛද්‍යවරයාගේ නොසැලකිල්ල නිසා" යැයි දරුවාගේ පියා වන චාමර මහතා කළ පැමිණිල්ලේ සදහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දරුවාගේ මව රෝහල් පොලීසියටද පැමිණිල්ලක් කර ඇති අතර දරුවාගේ පියාද තිස්සමහාරාම පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. මේ පිළිබදව අප දෙබරවැව රෝහලක්ද වීමසීමක් කළ අතර එහිදී වගකිවයුතු රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු පැමිණිල්ලක් රෝහලට ලැබී නොමැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලදහොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් පැවසීය.


(සූරියවැව - නුවන් ජයසේකර)