
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කිව්.ආර්. ක්‍රමවේදයට ඉන්ධන ලබාදීමේ ක්‍රියාවලිය අසාධාරණ බව කියා සිටියේය.
ත්‍රීරෝද රථවලට ලැබෙන ඉන්ධන ලීටර් 05 ප්‍රමාණවත් නොවන බවත් සතියකටම ලීටර් 15ක් අවම වශයෙන් තමන් ඇතුළු පිරිස ලබාදිය යුතු බවත් ඔහු කියයි.
නව ක්‍රමය සඳහා මේ වනවිට ලක්ෂ එකොලහක් ත්‍රීරෝද රථ ලියාපදිංචි කර ඇති නමුත්, වෘත්තියක් ලෙස ත්‍රීරෝද රැකියාවෙහි යෙදෙන්නේ රියැදුරන් ලක්ෂ 7.5ක් පමණක් යයි පෙන්වා දෙන ඔහු ඉතිරි ලක්ෂ තුනහමාරට 5 ක් ප්‍රමාණ වුවත් තමන්ගේ වෘත්තිය ජීවිතයට මෙම ප්‍රමාණය අසාදාරණ ලෙස බලපා ඇතැයි පෙන්වා දී ඇත.
පොලිස් වසම් අනුව ඉන්ධන පිරවුම්හල නම් කිරීමද අසාධාරණ බවත් එය අපහසුතාවන් ඇති කර තිබෙන බවත් කියා සිටියි.
මේ අතර ඉන්ධන ජාවාරම ගැන අදහස් දක්වන ඔහු පවසන්නේ
ත්‍රීරෝද රථ වෘත්තිකයින් නොවන සමාජ විරෝධී කටයුතු සිදු කරන සුළුතර පිරිසක් විසින් ඉන්ධන කූඨ ලෙසින් විකුණන නමුත් තෙල් වංචා චෝදනාව සමස්ත ත්‍රීරෝද රථ රියදුරන්ට එල්ල නොකළ යුතු බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval