
ඉන්ධන වියදම අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් සමග පාසල් වෑන් ගාස්තු ඉහළ යාම හේතුවෙන් පාසල් ළමයින් ප්‍රවාහනය සඳහා පාසල් බස්රථ ප්‍රමාණය වැඩි කළ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (16දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. ඒ අනුව ප්‍රවාහන කොමිසම මගින් ක්‍රියාත්මක කරන සහන වැඩපිළිවෙළක් යටතේ ක්‍රියාත්මක වන සිසු සැරිය බස්රථ. තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පැවසුවේය. තවද නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ නව බස් රථ 800ක් ධාවනයට එක් කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
එමෙන්ම අශෝක් ලේලන්ඩ් සමාගම විසින් පාසල් බස් රථ 80ක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවත්, කොළඹ නගරය ආශ්‍රිතව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම පාසල් බස් රථ ධාවනයට එක් කිරීමට කටයුතු කරනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. නමුත් තාක්ෂණික කමිටුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තවමත් අනුමැතිය ලබාදී නොමැති බවත්, එම ප්‍රමාදය පිළිබඳ තමා සොයාබලන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval