ranil-speaks

මේ සතිය අවසන් වනවිට ඉවත් කිරීමට නියමිත වූ හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති උත්සවයක කළ කතාවකදී දන්වා සිටියේය.


ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රටේ තත්ත්වය නැවත යහපත් අතට හැරී ඇති බැවින් හදිසි නීතිය දීර්ඝ නොකරන බවයි.හදිසි නීතිය නැවත දීර්ඝ කිරීමට එය අවසන් වීමට ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීමක්ද නොමැති බැවින් අවකාශයක්ද ලබාදී නැත.


මේ අතර ජනපතිවරයා අද පැවැත්වූ කථාවේදී දන්වා සිටියේ  දෙමළ ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඉදිරියේදී කටයුතු ගණනාවකට යොමු වන බවයි.
දැනට පවතින තහනම ඉවත්කිරීමට අමතරව ඉදිරියේදී තවත් සංවිධාන කිහිපයක තහනම ඉවත්කිරීම ගැනත් සලකා බලා ඇති බවත් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය. කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී අද (16) පස්වරුවේ පැවැති “විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය – 2022” සම්මාන උළෙල අමතමින් ඔහු මෙම උදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා   පෙන්වා දුන්නේ අද වනවිට රට ගොඩනැගීම වෙනුවෙන් සියලු පාර්ශ්ව එකතුකරගන්නට තමා උත්සාහ කරනා බවයි.