
ජපානයේ ජයිකා ආයතනයෙන් ආධාර දෙනු ලබන ව්‍යාපෘති 12 ක් තාවකාලිකව නතර කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අද (10) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව අනාවරණය කළේය.
විශේෂයෙන් ජයිකා සංවිධානය ඇවිල්ල මා මුණගැහුනා. මුණ ගැහිලා ලියුමක් භාර දුන්නා. කියලා කිව්වා, ජපානය, දැන් අපේ රට බංකොලොත් කියලා, අපිට ණය ගෙවාගන්න බැහැ කියලා, ප්‍රකාශයක් කරලා තියෙන නිසා IMF එක ඇවිල්ලා මේ පිළිබඳව රෝඩ් මැප් එකක් හදනකං ඒ ගොල්ලේ මේ Taisei ප්‍රොජෙක්ට් එක විතරක් නෙමෙයි, ජපානයෙන් ආධාර දෙන, ජයිකා ආයතනයෙන් ආධාර දෙන ව්‍යාපෘති 12 ක් suspend කරලා තියෙනවා කියලා. suspend කරලා කියන්නේ කැන්සල් කරලා නෙමෙයි. තාවකාලිකව නතර කරලා තියෙනවා. IMF සංවිධානය මේ පිළිබඳව අපිත් එක්ක මේ ණය ප්‍රතිව්‍යූහගතකිරීම පිළිබඳව ගන්නා පියවර අනුව ඔවුන් නැවත අපිට ඒ මුදල් ලබා දෙනවා කියලා.
Comments
Post a Comment
Your comment will be visible after approval