
මේ සතිය අවසන් වීමට පෙර නව කැබිනට් මණ්ඩලය නම් කිරීමට නියමිත බව ජනාධිපතිවරයාට සමීප ආරංචිමාර්ග කියයි. දැනට සිටින කැබිනට් මණ්ඩලයට අමතර ඇමැතිවරුන් දස දෙනකු පමණ අලුතින් පත් කරනු ඇතැයි දැනගන්නට තිබේ. නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී වැඩ භාරගැනීමෙන් අනතුරුව පළාත් ආණ්ඩුකාරවරු පත්කිරීමට නියමිත බවද වාර්තා වේ.
පොදුජන පෙරමුණට ආණ්ඩුකාර ධුර පහක්ද, එජාපයට ආණ්ඩුකාර ධුර හතරක්ද හිමිවෙනු ඇතැයිද දැනගන්නට තිබේ. එජාපයෙන් පත් කරන්නට යන ආණ්ඩුකාරවරුන්ගෙන් තිදෙනකු හිටපු මන්ත්‍රිවරු මෙන්ම ඇමැතිවරු වෙති. ලබන මාර්තු මාසයේදී පමණ පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නියමිත බැවින් ඊට පෙර ආණ්ඩුකාරවරුන් පත්කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval