namal-nethmi-ahinsa

පසුගියදා සමාජ මාධ්‍ය තුළ විශේෂ කථාබහකට ලක්වූ ඡායාරූප කිහිපයක පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා පදක්කම් ලාභී නෙත්මි අහිංසාය.
නාමල් නෙත්මිගේ පදක්කම ස්පර්ශ කරමින් එය අගය කරන ආකාරය එක් ඡායාරූපයක දැක්වුණ අතර තවත් එකක නෙත්මි නාමල්ට වැඳ වැටෙන අයුරු දිස් විය.
 ඒ දිනවල රටේ ගෞරවයට ලක්වූ පදක්කමක හිමිකාරියක මේ කාලයේ දැඩි විවේචනයට ලක්වූ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු සමග මේ ආකාරයේ ඡායාරූපවලට පෙනී සිටීම දේශපාලන අවභාවිත ප්‍රචාරයක් බවටත් අවස්ථාවාදී ලෙස ඇගේ කීර්තිය තුළින් තම බංකොලොත් ප්‍රතිරූපය යළි පිහිටුවා ගැනීමට උත්සාහ දරන බවටත් සමාජ මාධ්‍ය තුළ විවේචන පළවිය.
මෙම සිදුවීම ඊට එහාගිය දෙයක් බව සතිඅන්තයේ මව්බිම පුවත්පතින් ඊයේ 16 හෙළිදරව්වක් කර තිබේ.
බෙනට් රූපසිංහ ලේඛකයා සටහන් තබන ‘කැබිනට් එක‘ ලෙස හඳුන්වන පුවත්පතේ දේශපාලන කොලමෙහි මෙසේ දැක්වේ.



රට දිනවූ අහිංසා දැරිය  රැවටූ වංචනිකයෝ

ශ්‍රී ලංකාව ‍ දොම්නසින් සිටි වකවානුව රටම අමන්දානන්දයට පත් කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය  ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා දුන් ගිරිඋල්ලේ නෙත්මි අහිංසා දැරිය වෙනුවෙන් උපහාර උත්සවයක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබිණ. උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය. උත්සවය සඳහා පැමිණෙන්නට නෙත්මිට ප්‍රවාහන පහසුකම් තිබුණේ නැත.

ප්‍රදේශයේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් වාහනයක් සපයා දෙන්නට පොරොන්දු විය. නෙත්මි අහිංසා ඇගේ පුහුණුකරු සමඟ කොළඹ එමින් සිටියාය.  ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මඟහරවා නෙත්මිව  නාමල් රාජපක්ෂ හමුවට ගෙනයෑම සඳහා සිදුවෙමින් තිබූ කුමන්ත්‍රණය ගැන ඇය දැනුවත්ව සිටියේ නැත.

ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා විසින් රියදුරුට දී තිබූ රහසිගත උපදෙස් අනුව ඔහු ක්‍රීඩා ඇමැතිගේ නිවෙසට යන ලෙස දන්වා ඇති බව පවසමින් නෙත්මි දැරිය නාමල් රාජපක්ෂ සිටි නිවෙසට ගෙන ගියේය. ක්‍රීඩා ඇමැති වෙනුවට නාමල් සිටිනු දුටු නෙත්මිත්, පුහුණුකරුත් විමතියට පත්විය. එහෙත් ඔවුන්ට කළ හැක්කක් නොවීය. නාමල්ගේ ආරක්ෂකයෝ දුරකථන ක්‍රියා විරහිත කරන්නට උපදෙස්  දුන් බැවින් ඔවුන් වඩාත් අසරණ විය.

දුරකථන නිහඬ බැවින් පදනම් ආයතනයේ උත්සව සංවිධායකයෝ කලබල වූහ. නාමල්ගේ මිතුරෝ ඒ වන විටත් නෙත්මි, නාමල් හමුවූ පුවත සමාජ මාධ්‍යයට ලබා දෙමින් ප්‍රචාරක වාසිය අත්කර ගෙන තිබිණි. පදනම් ආයතනයට පැමිණි නෙත්මි ඔවුන්ට සිදු වූ අකරතැබ්බය ක්‍රීඩා බලධාරීන්ට පැවැසූ විට සියල්ලෝම කණගාටුවටත් කලකිරීමටත් පත්වූහ.





මෙම ලිපිය 14 වනදා පළවීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිසියට පැමිනිල්ලක් කර තිබේ.
එහි සදහන් තොරතුරු අනුව නෙත්මි අහිංසා දැරිය තමා වෙත රැගෙන ආවේ බලහත්කාර පැහැර ගැනීමක් බව දැක්වෙන බවත් ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙසත්ය.
නාමල්ගේ පැමිණිල්ලෙන් පසු අද 15 සඳුදා  මව්බිම දිනපතා පුවත්පත ඊට පිලිතුරුසටහනක්ද පළ කර තිබේ. ඔවුන් තරයේ පවසන්නේ ලිපියේ සඳහන් කරුණු සත්‍ය බවයි. කෙසේ වෙතත් නාමල්ගේ පැත්තෙන් එවැනි සිදුවීමක් සිදුවී නෙත්මි ඔහු වෙත ගෙන ආ බව නොදැන සිටින්නට ඇති බවද එම සටහනේ වැඩිදුර දක්වා ඇත.
නාමල් පොලිසියට ලියූ ලිපිය මාධ්‍ය වෙතද යොමු කර ඇති අතර එකී ලිපිය හා මව්බිම පිළිතුරු සටහන පහතින්