miss-universe-rules-changed

ඓතිහාසික පියවරක් ලෙස, විශ්ව රූ රැජින සංවිධායකයින් එහි නීති යාවත්කාලීන කර ඇති අතර  2023 සිට පළමු වරට කිරුළ සඳහා තරඟ කිරීමට අවිවාහක මෙන්ම විවාහක අයටද හැකියාව උදාකරදී ඇත. මේ අනුව මේ දක්වා වයස අවුරුදු ‘18 ත් 28 ත් අතර අවිවාහක කාන්තාවන් පමණක්‘ යනුවෙන් පැවති රෙගුලාසිය වෙනස්කර ‘18 ත් 28 ත් අතර කාන්තාවන්‘ ලෙස සංශෝධනය කර තිබේ.


ඔවුන් ජයග්‍රහණය කළ පසු හදුන්වනු ඇත්තේ ‘මිස් යුනිවර්ස්‘ යන නාමයෙනි.
සංවිධායකයන්ගේ අදහස වන්නේ කාන්තා සුන්දරත්වයට නීතිමය බැඳීම් අවශ්‍ය නැති බවයි. මෙම තරගාවලියේ ජීවගුණය පවත්වා යාමට මෙකී වෙනස සිදු කළ බව සංවිධායකයින් දන්වා ඇත. විවාහය බාධාවක්වීම නිසා බොහෝ සුන්දර කාන්තාවන් අවස්ථාව අහිමිකරගැනීමට සිදුවූ බවත් එසේම ‘විවාහක රූ රැජිණ තරගාවලී‘ වෙනම පැවැත්වීමේදී එයට ලෝකයේ විශාල අවධානයක් යොමු නොවීමත් මෙම තීරණයට හේතුවූ බවයි.
ඉදිරියේදී භාර්යාවන්ට ගැබිනියන්ට සහ මව්වරුන්ට මේ සදහා ඉදිරිපත්විය හැකි වනු ඇත.
නව නීති 2023 සංස්කරණයේ සිට බලාත්මක වනු ඇත. මේ ගැන ජාතික සංදර්ශන අධ්‍යක්ෂවරුන්ට විද්‍යුත් තැපෑලෙන් දැනුම් දීමක් ලැබුණු බව ද වාර්තාවේ සඳහන් කර ඇත.
    "කාන්තාවන්ට තම ජීවිතය පිළිබඳ නියෝජිතායතනයක් තිබිය යුතු බවත්, මිනිසෙකුගේ පෞද්ගලික තීරණ ඔවුන්ගේ සාර්ථකත්වයට බාධාවක් නොවිය යුතු බවත් අපි කවුරුත් විශ්වාස කරමු." ඔවුනගේ සටහනේ දැක්වේ.



මීට පෙර කිසි දිනක විවාහ වී නොමැති හෝ දරුවන් නොමැති වයස අවුරුදු 18 ත් 28 ත් අතර කාන්තාවන්ට පමණක් මෙම තරගයට සහභාගි වීමට අවසර ලබා දී තිබුණත්, භාර්යාවට සහ මව්වරුන්ට අවසර දීමෙන් පසු වයස් සීමාව වෙනස් වන්නට ඉඩ ඇති අතර නිල තහවුරු කිරීමක් තවමත් නිකුත් කර නොමැත.
විශ්ව රූ රැජින පසුගිය වසරේ සිය 70 වැනි සංස්කරණය සැමරූ අතර එහි ජයග්‍රාහකයා ලෙස ඉන්දියාවේ හර්නාස් සන්දු තේරී පත් විය.

රූරැජිනන් තේරීම සදහා පවත්වන ‘මිස් වර්ල්ඩ්‘ තරගාවලිය ළඟට වඩාත් පිළිගැනීම පවතින්නේ ‘මිස් යුනිවර්ස්‘ ලෙස හදුන්වන මෙම තරගාවලියටයි.