
මාවනැල්ල, උතුවන්කන්ද සරදියෙල් ගල නැරඹීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක් පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසු සිසුවියන් පිරිස අතර සිටි සහාය කථිකාචාර්යවරියක් එම ගල් පර්වතයෙන් වැටී බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව මාවනැල්ල පොලීසිය පවසයි.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වීරශ්මි කොඩිතුවක්කු නමැති ඇල්පිටිය, මහජන මාවතේ මඟුල් මඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තාවකි.ඇය ඇතුළු සිසු සිසුවියන් 60කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ (21දා) උදෑසන සරදියල් ගල නැරඹීමට පැමිණ ඇති අතර, සරදියෙල් කන්දේ ඉහළ කොටසේදී මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලීසිය පැවසීය. මියගිය තැනැත්තිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ඉගෙනුම ලබමින් එහි සහාය කථිකාචාර්යවරියක් ලෙසද කටයුතු කරමින් සිටි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහන් කරයි. මේ වන විට ඇයගේ දේහය මාවනැල්ල මහ රෝහලේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(මාවනැල්ල - සමන් විජය බණ්ඩාර)
Comments
Post a Comment
Your comment will be visible after approval