කටුගස්තොට, උගුරැස්සපිටිය ප්‍රදේශයේ නිවසක හුදෙකලාව සිටි 76 හැවිරිදි මවක ගෙල හිර කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ ඥාති පුතුන් යැයි කියන සහෝදරයන් දෙදෙනෙකු සොයා කටුගස්තොට පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එම ප්‍රදේශයේ පදිංචි සින්ති රෆීකා (අවු.76) නමැති දෙදරු මවක මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබිණි.

කටුගස්තොට උගුරැස්සපිටිය ප්‍රදේශයේ සිය පුතා සහ ලේලිය සමග පදිංචිව සිටි මෙම මව පෙරේදා (16දා) පුතා සහ ලේලිය රෝහලට ගිය අවස්ථාවේ තනිවම නිවසේ රැදී සිට තිබේ.



එම අවස්ථාවේ නිවසට පැමිණ ඇති මම කොල්ලකරුවන් ඇගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා රන් මාලය කොල්ලකා ඇයගේ මුවට රෙදි කැබලි ඔබා ඇද ඇතිරිල්ලකින් ගෙල හිර කර මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරන ඇයගේ ඥාති පුතුන්වන සහෝදරයින් දෙදෙනා දැනට ගමෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටුගස්තාට පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ තිබේ. ම

ෙම මවගේ දේහය මේ වනවීට මහනුවර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (17දා) පැවැත්වීමට නියමිතව තිබිණි.