
පිහිනුම් ශූර ජූලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටින් අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
පසුගිය ජූලි නම වනදා ඇති වූ ජන අරගලය දිනයේ එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමට අදාල විමර්ශන පාදක කරගනිමින් ඔවුන් සැකයට භාජනය වී ඇති බවත්
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවත් දක්වමින් ඔවුන් කැඳවා තිබේ.
ජූලියන් බෝලිං ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පිහිනුම් ශූරතා රන්පදක්කම් රැසක් දායාද කළ ක්‍රීඩා විරුවෙකු වන අතර ගාලුමුවදොර ජනඅරගලයට සෘජු ලෙස සම්බන්ධවූ ඔහු ‘වෙනසක්‘ ගැන කථා පැවැත්වූ අයෙකි.
මහින්ද,බැසිල්,කබ්රාල් ඇතුළු පිරිස රටේ ආර්ථිකය වැනසුවැයි ඔහු ඇතුළු පිරිසක් නඩු මගටද එලැඹ සිටින අතර මේ හේතුවෙන් බැසිල් හා මහින්ද දෙන්නාට මේවනවිට විදෙස් ගතවීම අත්හිටුවන අධිකරණ නියෝග පවා පනවා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval