jeewantha-dhanish-court

ගාලුමුවදොර අරගලයේ මූලිකත්වය ගෙන කටයුතු කළ පිරිස අතර සිටි ජීවන්ත පීරිස් පියතුමන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පැමිණ භාරවීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.
මේ අතර ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි දේපළ වලට හානි සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය අද නියම කර තිබේ‍ෙ



නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ජීවන්ත පීරිස් පියතුමා ඇපමත මුදාහරින මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග රෙ තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සැකකාර පියතුමා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 ඇප නියම කර නිදහස් කළේය.
ඔහුට චෝදනා එල්ල වී තිබුණේ, අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබූ විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධ වීමයි.



ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල වලට හානි සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අද (12) මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එහිදී කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බැවින් මෙම සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.