
රාජ්‍ය සේවකයන් වැටුප් රහිත නීවාඩු ලබා විදේශගත වීමෙන් පසුව, නිශ්චිත ඩොලර් ප‍්‍රමාණයක් මෙරටට මාසිකව එවීම අනිවාර්ය යැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ. එලෙස විදේශගත වන රාජ්‍ය සේවකයන් අතරින් ප්‍රාථමික මට්ටමේ නිලධාරීන් ඇමෙරිකානු ඩොලර් 100ක් ද ද්විතියික මට්ටමේ නිලධාරින් ඇමෙරිකානු ඩොලර් 200ක් ද තෘතීය මට්ටමේ නිලධාරින් ඇමෙරිකානු ඩොලර් 300ක් ද සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරින් ඇමෙරිකානු ඩොලර් 500ක් ද ආදී වශයෙන් මාසිකව ලංකාවට එවීම අනිවාර්ය බව ද එහි සඳහන් වේ.
විදේශගතවන්නන් මෙරටට බැංකු පද්ධතිය හරහා තමාගේ නමින් තිබෙන අනේවාසික විදේශ මුදල් ගිණුමකට එම මුදල් ප්‍රේෂණය කළ යුතු බව ද චක්‍රලේඛයේ සඳහන් වේ. වැටුප් රහිත නිවාඩු කාලය අවසානයේ නිලධාරියා නැවත සේවයට වාර්තා කළ පසුව, ඔහු සේවයේ යෙදී සිටියේ නම්, සුදුසුකම් සම්පුර්ණ කිරීමෙන් අනතුරුව උපයාගත හැකිව තිබූ අදාළ වැටුප් පියවරේ තැබිය යුතු බව ද එහි සඳහන් වේ. මෙම ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරින්ට ද වැටුප් රහිත නිවාඩු ලබා විදේශගත විය හැකි බව ද එහි සඳහන් වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval