
ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල පහළ ගියත් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදුනොකිරීමට රජය තීරණය කර තිබේ. අපේක්සා කළ පරිදි ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ ඒ අනුව ඉන්ධන මිල වෙනස් නොවීය.
පවතින අධික මිල ගණන් යටතේ තවදුරටත් ඉන්ධන ලබාගැනීමට ඉන්ධන පාරිභෝගිකයන්ට සිදුව ඇති අතර කිව් ආර් කෝටා ක්‍රමය නිසා තොග අවසන් නොවන තත්වය තුළ ඛණිජ තෙල් සංස්ථාවට වෙනදාට වඩා අඩු ඉන්ධන අලෙවියක් සිදුව නැති බවද වාර්තා විය.
ඉන්ධන කෝටාවට අයත් වන ඉන්ධන ලීටර් ප්‍රමාණයද ඉහළ නැංවීම තවත් සතියකින් පමණ කල් දමා ඇතැයි වාර්තා විය.
ඊයේ ඉන්ධන මිලඅඩුවේ යයි අපේක්ෂාවෙන් ඉරිදා රාත්‍රී නව යාවත්කාලකිරීම මත සදුදා ඉන්ධන ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි ත්‍රීරොද රථ ඇතුළු වාහන අඩුවූ අතර මිල සංශෝධනයෙන් පසුව ඉන්ධන ලබාගැනීමට සැලසුම්කිරීම නිසාදෝ බොහෝ පිරවුම්හල්වල සදුදා පෝලිම් දක්නට නොවූ බවද වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval