egg-issue

ඊයේ සිට බලපැවැත්වෙන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක සහ දුඹුරු හෝ රතු බිත්තරයක් සඳහා රුපියල් 45 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට විරෝධය පළකිරීම බිත්තර නිෂ්පාදකයින් කටයුත කර තිබේ.
 බිත්තරයක මිල රුපියල් 60 සීමාව ද ඉක්මවා ගිය පසුබිමක ඊට මැදිහත් වූ වෙළෙඳ අමාත්‍යවරයා බිත්තර නිෂ්පාදකයින් සමග සාකච්ඡා කරමින් බිත්තර මිල අඩු කරන්නට තීරණය කළේ රුපියල් 5 කිනි.



එසේ තිබිය දී  ඊයේ සිට බලපැවැත්වෙන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක් සහ දුඹුරු හෝ රතු බිත්තරයක් සඳහා රුපියල් 45ක් වන පරිදි උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් කිරීම දැන් නව අර්බුදයක් නිර්මාණය කර ඇතැයි බිත්තර නිශ්පාදකයෝ පවසති.

බිත්තර සඳහා උපරිම මිලක් පැනවීම අසාධාරණ බවට පවසමින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාරිකයින් පිරිසක් අදත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට පැමිණ සිටියත් ඔවුන්ට අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව හිමි වී තිබුණේ නැත.