
ජාතික රූපවාහිනියට ඇතුළු වී ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් එහි විකාශන කටයුතුවලට බාධා එල්ල කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයකට අත්අඩංගුවට ගත් අරගලකරුවෙකු වන කුරුණෑගල වෑබඩ 31 හැවිරිදි ධනීෂ් අලී අද
අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආ අතර අදාළ නඩුව පෙරවරු 9.45 ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේදී පැවැත්විණි.
එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ධනීෂ් අලී අගෝස්තු මස 15 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවේ ය.
Comments
Post a Comment
Your comment will be visible after approval