cuba-fire
කියුබාවේ මන්ටානාස්හි පිහිටි ඉන්ධන ගබඩා සංකීර්ණයක් වෙත එල්ල වූ අකුණු පහරක් හේතුවත් පසුගියදා එහි ගිනි ගැනීමක් හටගත් බව විදෙස් මාධ්‍ය පවසයි.ඊයේ දිනය වනවිට ගිනි ගැනීම වඩාත් දරුණු තත්වයට පත් වූ අතර, කියුබානු බලධාරින් ඒ අවට පදිංචිව සිටි පිරිස් ඉවත් කිරීමක්ද සිදුවිය. පළමුවෙන්ම එක් තෙල් ටැංකියකට අකුණු පහර එල්ල වී එය ගිනි ගැනීමකට ලක්ව ඇති අතර, පසුව එය අනෙක් තෙල් ටලකිය වෙත ව්‍යාප්ත වී තිබේ.

එසේම දැවැන්ත පිපිරුම් හතරක්ද එහිදී වාර්තා වී ඇත.

අනතුරුව කළු පැහැති ඝනකම් දුම් වලා ඉන් පිටවීමද සිදුව තිබේ. ගිනිගැනීම ආරම්භ වූ අවස්ථාවේදී එය පාලනය සදහා සම්බන්ධ වූ ගිනි නිවන භටයන් 17දෙනකු අතුරුදන්ව ඇතැයිද බලධාරින් සදහන් කර තිබේ. එසේම මෙම ගිනි ගැනීමෙන් පුද්ගලයන් 121දෙනෙකු තුවාල ලබා තිබේ. ගින්න පාලනය සදහා කියුබානු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් ගුවනින් ජලය ඉසීමක් සිදුකලද එයද සාර්ථක වී නැත.

මේ අතර තත්වය පාලනය සදහා මීට පෙර මෙවැනි තෙල් ටැංකි ගිනි ගැනීම් සම්බන්ද අත්දැකීම් සහිත සිය මිත්‍ර රටවල සිටින ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් උදව් ඉල්ලීමටද කියුබානු රජය ඊයේ පියවර ගෙන තිබුණි.