ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හත්දෙනකු එම ආයතනයේ රුපියල් කෝටි ගණනක මුදල් වැයකර විදේශ රටක විනෝද චාරිකාවක්, යාමට සැලසුම් කර තිබියදී එය අත්හිටවූ බව ජාතික ක්‍රීඩා සභාවේ, සභාපති, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙරේදා (27) පැවසීය. ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත්, ඉහළම හෝටල්වල නැවතීමේ පහසුකම් සමග ඔවුන්ට දිනකට ඩොලර් 650ක් ගෙවීමටද නියමිතව නිබූ බවත්,

ක්‍රීඩා සභාව ලෙස ඊට විරුද්ධ වූ බවත් රණතුංග මහතා සඳහන් කළේය.

මේවා නවත්වන විට ප්‍රශ්න එන බව කී සභාපතිවරයා, තමන් පැමිණියේ හරි දේ කරන්නට බවත්, මේ ආකාරයට අනවශ්‍ය පුද්ගලයන් කීදෙනෙකු විදේශගත වී ඇත්දැයි ඉදිරියේදී සොයා බලන බවත් කීවේය. රණතුංග මහතා මේ බව පැවසුවේ මහනුවරදී මතු අස්ගිරි මහනාහිමිවරුන් පෙරේදා (27) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. විදේශ තරගාවලි සදහා ක්‍රිකට් ආයතනයෙන් නම් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති, කරන කණ්ඩායම ඇමැති ශ්‍රී සමංගල මල්වතු පාර්ශවයේ අනුමැතිය සදහා ඉදිරිපත් කරන ක්‍රමවේදයේ අඩුපාඩු රැසක් පවතින බවත් එය වෙනස් කිරීම සඳහා මේ වන විට සාකච්ඡා පවත්වමින් තිබෙන බවත් කී රණතුංග මහතා මේ සඳහා උස්පහත් මට්ටමකින් තොරව සියලු ආයතන එක් වී වැඩ කළ යුතුව ඇතැයි ඔහු කීවේය.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායි රටට යාම ප්‍රශ්නයක් බව කී සභාපතිවරයා එය ලංකාවට අහිමි වූයේ මෙරට ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතාවකින් යැයි තමා විශ්වාස කරන බව ද හෙතෙම පැවසීය. රටේ තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් මිස බෝම්බ පුපුරන ප්‍රශ්නයක් නොවන නිසා තරගාවලිය අහිමි වීම පිළිබඳව පුළුල් විමර්ශනයක් කළ යුතු බව ද සඳහන් කළේය.

ක්‍රිකට් ආයතනයේ ඡන්ද ක්‍රමය වෙනස් ජුන රණතුංග මහතා තිබ්බටුවාවේ වනතුරු එයට හොද හ නා හිමියන් බැහැදුටු අවස්ථාව පුද්ගලයන් නොඑන  බව කී අර්ජුන රණතුංග මහතා ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ක්‍රිකට් ද අධිකරණ මාර්ගයෙන් හෝ වෙනස් කළ යුතු බව පැවසීය.

ඡන්ද ක්‍රමය නිසා වැදගත් කිසිවකු ක්‍රිකට් නිලවරණවලට නොපැමිණෙන බව කී රණතුංග මහතා මේ නිලවරණයට ඡන්ද 140 ක් තිබුණත් ඉන්දියාවේ තිබෙන්නේ ඡන්ද 35 ක් හා ඕස්ට්‍රේලියාවේ 15ක් බව ද කීය. මෙරට ඡන්ද ක්‍රමය අනුව වත්මන් ජනාධිපතිවරයා හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලුවත් ජයග්‍රහණය කළ නොහැකි බව ද ඔහු පැවසීය. මේ රටේ සෑම ක්‍රීඩාවක්ම කොළඹට කේන්ද්‍ර වී ඇති අතර, පිටපළාත්වලින් බිහිවන දක්ෂයන් හඳුනා ගැනීමට වැඩපිළිවෙළක් නොමැති බව ද හෙතෙම කීවේය.


මහනුවර ශේන් සෙනෙවිරත්න