දුර්ලභ කුරුල්ලා බේරා ගන්න ජර්මන් පූසෝ ලොක්ඩවුන්

Ad Code

දුර්ලභ කුරුල්ලා බේරා ගන්න ජර්මන් පූසෝ ලොක්ඩවුන්

cats-grounded-in-german-town

ජර්මනියේ පිටිසර නගරයක සුරතල් බළලුන්, මාස තුනක කාලයක් 'ලොක්ඩවුන් කිරීමට නගර බලධාරීන් තීරණය කර තිබුණු අතර, එම 'ලොක්ඩවුන්' කාල සීමාව ඊයේ (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.  මෙම විශේෂ 'ලොක්ඩවුන් කාල සීමාවක් ප්‍රකාශයට පත් කළේ, 'වොල්ඩ්‍රෝෆ් නගරයේ බළලුන් සඳහාය. මාස 3 ක කාලය පුරා බළලුන් නිවෙස් තුළ රඳවා ගන්නා ලෙසත්, බළලුන් නිවෙස්වලින් පිටතට රැගෙන යන්නේ නම්,

උන් පටියකින් ගැට ගසා මීටර් දෙකක දුරක් පවත්වා ගනීමින් පමණක් රැගෙන යන ලෙසත් නගර වැසියන්ට  උපදෙස් ලැබී තිබුණි.

යම් හෙයකින් බළලෙකු නිවසින් පැනගොස් නිදැල්ලේ හැසිරෙන්නේ නම්, වහා ඒ බව දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වා  දීමට නගර බලධාරින් කටයුතු කර තිබුණි. එසේ පැනගිය බළලුන් අල්ලා ආපසු ගෙනත් දීමට විශේෂ කණ්ඩායමක් සීරුවෙන් සිටි අතර, පශු   වෛද්‍යවරු කිහිප දෙනෙක් ද ඊට අයත් වූහ. බළලුන් ලොක්ඩවුන් නීති කඩ කළහොත්, හිමිකරුට පවුම් 42,000 ක දඩයක් නියම කර කෙරුණි. බළලුන් මෙසේ මාස 3 කට 'ලොක්ඩවුන්" කෙරුණේ වඳවී යෑමේ තර්ජනයට ලක්වුණු කුඩා කුරුල්ලකු ආරක්ෂා කර ගැනීමේ අරමුණින්ය.

' ක්‍රස්ටඩ් ලාක්' නමැති මෙම කුරුල්ලා 'වොල්ඩ්‍රොෆ්" නගරය අයත් පළාතට පමණක් ආවේණික පක්ෂියෙකි. කුරුලු විද්‍යාඥයන් කළ සංගනනයකට අනුව, එම පළාතේ වාසය කරන්නේ "කස්ටඩ් ලාක්' කුරුලු ජෝඩු 3 ක් පමණි. 'කස්ටඩ් ලාක්'  කුරුල්ලන්ගේ සතුරා බළලුන්ය.

ක්‍රස්ටඩ් ලාක්' ගහණය අඩු වී ඇත්තේ ද ඔවුන් පහසුවෙන් බළලුන්ගේ ගොදුරු බවට පත් වී ඇති බැවිනි. පසුගිය මාස 3 ක කාලය, කස්ටඩ් ලක්" කුරුල්ලන්ගේ බිජුලන සමය  විය.නගර බලධාරින්, බළලුන් නිවෙස්වලට සීමා කරමින්, උන් ලොක්ඩවුන් කිරීමට නීති සකස් කෙරුණේ එම්බැවිනි. එම කාලසීමාව අවසන් වීමත් සමග බළලුන්ට පැනවූ ලොක්ඩවුන්  කාලයද අවසන්   විය. සුරතල් බළලුන් වෙනුවෙන් මෙසේ 'ලොක්ඩවුන් ' නීති පැනැවීම සම්බන්ධයෙන්  සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරින් ඔවුන්ගේ දැඩි අප්‍රසාදය පළ තිබුණි. කෙසේ නමුත්, "ක්‍රස්ටඩ් ලාක්' කුරුල්ලා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැප කිරීම් කළ යුතු බව ඔවුන් පැහැදිලි කර තිබුණි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu