
හොර්ටන්තැන්න රක්ෂිතයේ සැරිසරන ගෝනුන් විශාල පිරිසකගේ මළ සිරුරු නානුඔය අඹේවෙල ජලාශයේ පාවෙමින් තිබෙන බව එම ජලාශයේ ධීවර කටයුතුවල නිරත වන ධීවරයෝ පවසති. සතියකට ගෝනුන් දසදෙනෙකු පමණ ජලාශයෙහි මිය යන බවද ඔවුහු පවසා සිටියහ. අඹේවෙල ප්‍රදේශයේ දඩයම්කරුවන් කිහිප දෙනෙකු විසින් ඇතිකර අත්හැර දමා ඇති දඩයම් සඳහා පුරුදු කර ඇති සුනඛයන් රැසක් හොර්ටන්තැන්න සිට ආහාර සහ ජලය සොයා පැමිණි ගෝනුන් සපා කා ජලාශයට පන්නා දමන බවත්, ඉතා ගැඹුරු අඹේවෙල ජලාශයේ එන්සේ පන්නා දමන
ගෝනුන් දියේ ගිලී මියයන බවද ධීවරයෝ පවසා සිටියහ. කුඩා පැටවාගේ සිට හොදින් වැඩුණු ගෝනුන් රැසකගේ සිරුරු මේ වනවිට අඹිම්වල ජලාශයේ නරක් වී පාවෙමින් පවතින බවත්, පවත්නා තත්වය මත එම ජලාශයේ පරිසර විනාශයක්ද සිදු වී ඇති බවද ඔවුහු කියති. අඹේවෙල ජලාශයෙන් නිකුත් කරනු ලබන ජලය වැලිමඩ රේන්දපොළ සහ තලවකැලේ ප්‍රදේශයේ පානීය ජලය සහ වගා කටයුතු සදහා භාවිත කරන බවත්,
මේ පිළිබද වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබුණද ඒ සදහා මෙතෙක් එම නිලධාරින් කිසිදු පියවර ගෙන නොමැති බවයි ධීවරයෝ කියා සිටිති. පවත්නා තත්වය මත ජලාශයේ දැඩි දුර්ගන්ධයක් හමන බවත්, ගෝනුන් දඩයම් කර මරා දමන සුනඛයන් අල්ලා වෙනත් ප්‍රදේශයකට කඩිනමින් රැගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අඹේවෙල ජලාශයේ ධීවරයෝ වනජීවී නිලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
(හැටන් - රංජිත් රාජපක්ෂ)
Comments
Post a Comment
Your comment will be visible after approval