
ලෝකයේ වැඩිම ආහාර උද්ධමනයක් ඇති රටවල් අතරින් ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයට පත්ව ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරයි. ලෝක බැංකුවේ දත්ත වාර්තාවලට අනුව එම දශකයේ ප්‍රථම ස්ථානයේ සිටින්නේ ලෙබනනයයි. ද
ෙවැනි ස්ථානයට සිම්බාබ්වේ පත්ව ඇති අතර තුන්වැනි ස්ථානයට වෙනිසියුලාව පත්ව ඇත. තුර්කිය එහි සිවුවැනි ස්ථානයට පත්ව ඇතැයි ලෝක බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් ජූනි මාසයේ සියයට 75.8 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජූලි මාසයේ සියයට 82.5 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
විමුක්ති එස්. රුද්‍රිගු
Comments
Post a Comment
Your comment will be visible after approval