bia-air-craft-changes

ඉන්ධන පිරවීමේ පහසුකම් නොමැතිකම සහ ආදායම් ඉපයීමේ ගැටලු හේතුවෙන් විදේශීය ගුවන් සමාගම් 07ක් මෙරටට සතියක් තුළ සිදු කළ ගුවන් ගමන්වාර සංඛ්‍යාව 108 සිට 52ක් දක්වා ගුවන්වාර 56ක් අඩුකර තිබේ. ගුවන් සමාගම් 05ක් ගුවන් ගමන්වාර සංඛ්‍යාව අඩු කර ඇති අතර, ගුවන් සමාගම් 02ක් මෙරටට පැමිණීම පවා අත්හිටුවා ඇති බව වාර්තා වේ.

එමිරේට්ස්ස්, කටාර් එයාවේස්, එටිහැඩි, ඕමාන්, එයාර් ඉන්දියා යන ගුවන් සමාගම් මෙරටට පැමිණි ගුවන් ගමන්වාර ගණන අඩු කර ඇති අතර, සෞදි එයාර් සහ කුවේට් එයාර්වේස් යන ගුවන් සමාගම් දෙක මෙරටට පැමිණීම අත්හිටුවා ඇතැයි වාර්තා වෙයි. එමිරේටේස් ගුවන් සමාගම මින් පෙර සතියකට ගුවන් ගමන්වාර 28ක් සිදු කර ඇති අතර, ඔවුන් මේ වන විට එය 14ක් දක්වා අඩු කර තිබේ. කටාර් එයාවේස් මීට පෙර සතියකට ගුවන් ගමන් වාර 35ක් සිදු කර ඇති අතර, මේ වනවිට එය 21ක් දක්වා අඩු කර ඇත. එටිහැඩි සමාගම මින් පෙර සතියකට ගුවන් ගමන්වාර 14ක් සිදු කර ඇති අතර, මේ වන විට එය 06ක් දක්වා අඩු කර තිබේ. ඕමාන් ගුවන් සමාගම මින් පෙර  සතියකට ගුවන් ගමන්වාර 11ක් සිදු කර ඇති අතර, මේ වන විට එය 07ක් දක්වා අඩු කර ඇත.

එයාර් ඉන්දියා ගුවන් සමාගම මින් පෙර සතියකට ගුවන් ගමන් වාර 09ක් සිදු කර ඇති අතර, දුර්වල ඉල්ලුම හේතුවෙන් ඔවුන් මේ වන විට එය 04ක් දක්වා අඩු කර තිබේ. එමෙන්ම සතියකට ගුවන්ගමන් 7ක් සිදුකළ සවුදි. එයාර් සහ සතියකට ගුවන් ගමන් 4ක් සිදුකළ කුවෙටි එයාවේස් මෙරටට ගුවන් ගමන් සිදු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත. තවද මාලදිවයින්, කොරියන්, සලාම් එයාර්වේස්, තායි ස්මයිල්, විස්තාරා, චයිනා සදර්න්, ස්විස් ඉන්ටනැෂනල් යන සමාගම් රටේ තත්වය යහපත් වන තෙක් මෙරට සමග සිය මෙහෙයුම් සිදුකිරීම සීමා කර ඇති බවද වාර්තා වේ.


(නවෝද්‍යා පවනි)