
අරගලකරුවන් විසින් අරලිය ගහමන්දිරය ඉකුත් (9) වැනිදා අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඊයේ (14) වැනිදා අදාල අංශවෙත භාර දීමෙන් පසු තත්වය පෙන්නුම් කරමින් බලධාරීන් ඡායාරූප කිහිපයක් නිකුත් කර ඇත.මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා පවසමින් නිකුත් කර ඇති මෙම ඡායාරූප අරලියගහ මන්දිරයේ මාධ්‍ය ඒකකය හා ආසන්න කාර්යාල පරිශ්‍රයේ ලබාගත් ඒවාය.
මින් ඉහත අරලියගහ මන්දිරයේ මාධය ඒකකයේ භාණ්ඩ සොරගෙනගොස් ඇති බවට පොලිස් පැමිණිල්ලක්ද දමා තිබූ අතර සොරාගත් භාණ්ඩ අතර ‘ඉන්වෙන්ට්‍රිය‘ද වූයෙන් අතුරුදන් වූයේ මොනවාදැයි යන්න අපැහැදිලි විය.




Comments
Post a Comment
Your comment will be visible after approval