
කොළඹ කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය මේ වනවිට අරගලකරුවන් ග්‍රහණයේ පවතින අතර එහි රැඳී සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් 6 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.
තුවාල ලද පිරිස අතර එක් කාන්තාවකගේ ගෙල කැපුම් තුවාල සහිතව ඇතුළත් කර තිබූ බවද පැවසේ.
ආරවුලට හේතුව පැහැදිලි නැත.
මේ සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසියෙන් කළ විමසීමකදී මේ බව තහවුරු කරනු ලැබූ අතර එම ස්ථානයට පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බව සඳහන් කර තිබුණි.
ජනතා විමුක්ති පෙරමුණු සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂ කණ්ඩායම් අතර අරලියගහ මන්දිරයේ ඇති වූ ගැටුමක බව කියන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval