
පාර්ලිමේන්තු සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පත්කර තිබේ.ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යළි පත්කර ඇතැයි වාර්තා වෙයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස මීට නොබෝ වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී ඔහු දිවුරුම් දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයේ දිවුරුම්දීම හේතුවෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහාය.
Comments
Post a Comment
Your comment will be visible after approval