
ඊයේ සජිත් - ඩලස් දෙපාර්ශ්වය අතර ඇතිවූ සාකච්ඡා වලින් පසු සම්මුති ආණ්ඩුවක ජනපති හා අගමැති ලෙස දෙදෙනා තනතුරු බෙදාගන්නටත් එක් අයෙකු තරගෙන් ඉවත්වී රනිල් විරෝධී කඳවුර ශක්තිමත් කර ජයග්‍රහණය කරවන්නටත් තීන්දුවක් ගත් බවට ඉඟි ලැබී තිබුණි.
ඒ අනුව තමන් ජනපති සටන වෙනුවෙන් තරගයෙන් ඉවත්වී ඩලස් පාර්ශ්වයට සිය ඡන්ද ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව සජිත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා ඇත.
නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට අදාල නාමයෝජනා කැඳවීම වෙනුවෙන් අද පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර වාරයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙමින් සිටියදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙය පවසයි.
මේ අනුව හෙට ජනපති තේරීමේ ප්‍රධාන සටන ඇත්තේ රනිල් හා ඩලස් අතරයි.
අදාළ ට්විටර් පණිවිඩය පහතින්
