ranil-house-fire-update
අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීම අරගලකරුවන්ගේ වැඩක් බවට හා අරගලකරුවන්ගේ පිට වරද පටවන්නට වෙනත් පාර්ශ්වයක වැඩක් බවට පරස්පර කාරණා මතුවී සැකයක් මතුව තිබෙන අතරේ සමාජ මාධ්‍ය තුළ පැතිරෙන වීඩියෝ දෙකකින් මේ ගැන සැක සහිත සාක්ෂිද ඉස්මතුවී තිබේ.
එක් විඩියෝවකින් දැක්වෙන්නේ රනිල්ගේ නිවසේ පුස්තකාලයේ පොත් රාශියක් ප්‍රවේශම් සහගතව ඉවත් කරන ආකාරයයි. එය ආරක්ෂක අංශ  මගින් සිදු කරන අතර වීඩියෝවේ හඬ පරීක්ෂා කිරීමේදී ඒ නිහඩ වේලාවක සිදුකරන අයුරු ඇසේ. ගින්නක් නොඇසේ. එනම් මෙම පොත් ඉවත් කරන ආකාරය ගිනි ගන්නා අවස්ථාවේ කලබලයකින් කරන දෙයක්ද යන්න නොහැඟේ.

සැක මතුවන්නේ සැලසුම් සහගතව ගින්නට පෙර පොත් ඉවත් කළාද යන්නයි.
එම පොත් ඉවත් කර ගොඩ ගැසූ තැන ඡායාරූපද සමාජ මාධ්‍ය වෙත සංසරණය වූයේ මෙම වීඩියෝවට පෙරයි. එම ඡායාරූප සංසරණයවූ අවස්ථාවේ පාඨකයින් කියා සිටියේ මෙය සැලසුම් සහගතව ගින්නට පෙර පොත් ඉවත් කළ අවස්ථාවක් බවයි.

දෙවැනි වීඩියෝවෙන් දැක්වෙන්නේ ගිනි තබා තාප්පයෙන් පැන එන පුද්ගලයින් තාප්පයෙන් වැටෙන්නට පෙර බේරාගන්නා ආරක්ෂක අංශ අයයි. ගින්න තබා එනතුරු ආරක්ෂක අංශ එය වැළැක්වීමට උත්සාහ නොගන්නා සේම ගිනි තබා අය වැටී තුවාලවීමෙන් බේරන්නටද උදව් කරනු ඒ අනුව ගම්‍ය වේ.

මෙම සිදුවීම ගැන සීඅයිඩී පරීක්ෂණ දැන් අරඹා ඇති අතර කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ වීඩියෝ හා ඡායාරූප පහතින්















Video 01




Video 02