
පුස්සැල්ලාව පොලිස් වසමට අයත් රේලාන් වත්තේ පිහිටි පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට ඊයේ (ජුලි 26) සවස ඇති වූ ගින්නක් හේතුවෙන් මුළුමනින් විනාශ විය.
පුස්සැල්ලාව පොලිසිය සහ මහජනතාව එක්ව ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කළද ගින්නෙන් කර්මාන්ත ශාලාවට සම්පූර්ණයෙන් හානි සිදුව ඇති බව පොලිසිය පවසයි. ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
විදුලිය කාන්දුවක් අනතුරට හේතුව වන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ගින්නෙන් ගොඩනැගිල්ල, කම්හලේ උපකරණ සහ සැලකිය යුතු තේ ප්‍රමාණයක් විනාශ වී ඇත.
පුස්සලාව පොලිසිය සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.



Comments
Post a Comment
Your comment will be visible after approval