protesters-galle-face-tense-situ

1.45 am
ගෝල්ෆේස් අරගල භූමියෙන් පිරිස් ඉවත් කිරීමට හමුදා ඛණ්ඩ යෙදවීම නිසා උණුසුම් තත්වයක් හටගෙන ඇතිබවට 22 සිකුරාදා පාන්දර 1.30 ට පමණ වාර්තා විය.

අරලිය මැදුර ආසන්න ‘නෝඩීල් ගම‘ රැඳී සිටි පිරිස සිකුරාදා උදෑසන පිටත්වීමට සූදානමින් බඩුද අස්කරමින් සිටි නමුත් ඊට පෙර ජනපති කාර්යාලය අසළ සිටි අය ඇතුලු සියලු පිරිස් පළවා හැරීමට හමුදා පිරිස් පැමිණ ඇතැයි සජීවී වීඩියෝ මගින් අදහස් දක්වන අය පවසා තිබේ.
ජනපති ලේකම් කාර්යාලය සිකුරාදා බාරදෙන්නට නියමිතව තිබියදී අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන්නට හමුදාව පැමිණ ඇතැයි අදාළ ස්ථානයේ පිරිස නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත.
ඇතැමුන් පවසන්නේ බ්‍රහස්පතින්දා 21 සන්ධ්‍යා කාලයේ නව ජනපතිවරයා ආරක්ෂක අමාත්‍යංශයට ගොස් හමුදා ප්‍රධානින් ඇතුළු ආරක්ෂක අංශ හමුවීමෙන් පසු කිසියම් නියෝගයක් ලබාදී ඇති බවයි.
සජීවී වීඩියෝවක් පහතින්


video 1

video 2